වඳුරන් සහ රිලවුන් මරා දැමියයුතු බව එස්.බී කියයි

Share

පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා වගාවට හානී සිදු කරන වඳුරන් සහ රිලවුන් මරා දැමියයුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම කිරි කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා මස් පිණිස පිරිමි ගවයන් විකිණීමේ පහසුකම් ඇති කිරීමටද රජය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නේය

මේ අතර මෙවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ඇති අයවැය තුළින් වී ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News