ශ්‍රි ලංකාවේ හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක ක්‍රියාකාරකම් සඳහා සහය දැක්වීමට නොර්වේ රජය සුදානම්ව සිටින බව නොවේජියානු රාජ්‍ය ලේකම් මැරීන් හේගන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ඇයගේ මෙරට තෙදින නිළ සංචාරය නිමාකරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලික අංශයේ සංවර්ධනය, තරුණ සුබ සාධනය සහ සමුද්‍රිය කර්මාන්ත යන ක්ෂේත්‍ර වල ශ්‍රි ලංකාව සමඟ කටයුතු කිරිමට නොර්වේ රජය කැමැත්තෙන් පසුවන බවයි.
මැරීන් හේගන් මහත්මිය එම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා වල නිරත වුණි.
නෝවේජියානු රජයේ අනුග්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප්රදේශවලද ඇය සංචාරය කළ අතර එම වැඩපිළිවෙල සඳහා තවදුරටත් සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.



