දයාසිරිගේ ප්‍රශ්නයට හැරිසන් පිළිතුරු දෙයි

Share

ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ආනයනය කිරීමේ ගිවිසුම නවතා දැමීමට නම් ඇමරිකානු ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදුවන බව කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික පශුසම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසසේර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (18) පාර්ලිමේන්තුවෙදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන මෙම කිරිගවයින්ගෙන් ප්‍රමාණවත් පරිදි කිරි ලබාගැනීමට නොහැකි බවත් මෙය අසාර්ථක ව්‍යාපෘතියක් බවටත් දයාසරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් 20,000 ක් ආනයනය කිරීමේ ගිවිසුම 2014 දී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් අත්සන් කර ඇති  අතර මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට ප්‍රථම නියමු ව්‍යාපෘතියක් හෝ සිදුකර නොමැති බවද හැරිසන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

2015  වසරේදී කිරි ගවයින් 2,480 ක් ආනයනය කිරිම සඳහා රුපියල් මිලියන  992 ක මුදලක්ද 2017 වසරේදී කිරි ගවයින් 5,000 ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 2,317 ක මුදල්ද වැයවි ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read more

Local News