Home දේශීය පුවත් පාසලක බඹර කූඩුවක් ඇවිස්සී ළමුන් 16ක් රෝහලට

පාසලක බඹර කූඩුවක් ඇවිස්සී ළමුන් 16ක් රෝහලට

0
පාසලක බඹර කූඩුවක් ඇවිස්සී ළමුන් 16ක් රෝහලට

අද(19) දහවල් මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙක් පමණ මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කළ බව මොනරාගල කලාප අධ්‍යක්ෂක සරත් බන්දු මහතා පැවසීය.

මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩුවකට සිසුවකු විසින් ගලක් ගැසීම නිසා බඹරු ඇවිස්සී විවේක කාලයේ පාසැල් පරිශ්‍රයේ සිටි සිසු සිසුවියන්ට බඹරුන් දෂ්ඨ කර තිබේ.

මෙම අවස්ථාවේදී පාසලේ ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් දරුවන් පාසලේ කාමර වලට දමා දොරවල් වසා තැබීම නිසා හානිය අවම වී තිබේ.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් විෂ ශරීරගතවී සිටි සිසු සිසුවියන් සුව සැරිය ගිලන් රථ මගින් රොහල් කරා ගෙන ගිය බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

මෙම සිද්ධියත් සමඟ අද දිනයේ පාසල වසා දැමූ බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here