වදක තනතුරට බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ කල්දමයි

Share

වදක තනතුරට බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ කල්දමා තිබෙන බවට වාර්තා වෙයි.

අදාල සම්මුඛ පරික්ෂණ බන්ධනාගාර මූලස්ථානයේදී අද(27) සහ හෙට(28) යන දෙදින තුළ පැවැත්විමට නියමිතව තිබුණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම සම්මුඛ පරික්ෂණ ලබන අප්‍රේල් මස 02 සහ 03 වනදා දක්වා කල්දැමු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සදහන් කළේය.

වදක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇති අතර ඉන් එක් අයදුම්පතක් විදෙස් ජාතිකයෙකු විසින් යොමු කර තිබූ අතර අනෙකුත් අයදුම්පත් 101 අතරින් සම්මුඛ පරික්ෂණය සදහා පුද්ගලයින් 79 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

Read more

Local News