Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකාවට ජය

0
ශ්‍රී ලංකාවට ජය

ස්කොට්ලන්තය සමඟ ඊයේ පැවති එක්දින ක‍්‍රිකට් තරඟය ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 35කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 08ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ නායක දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 77ක් ලබා ගත්තේය.

මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් කුසල් මෙන්ඩිස් ලකුණු 66 සහ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 44 ලබා ගැනීමට සමත්විය.

වර්ෂාවෙන් සිදු වූ බාධා නිසා ස්කොට්ලන්ත කණ්ඩායමේ පිළිතුරු ඉණිම පන්දුවාර 34කට සීමා කෙරුණු අතර ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ඔවුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 235ක්.

කෙසේවෙතත් පන්දුවාර 33යි පන්දු 2ක දී ඔවුන් ලකුණු 199කට සියලූ දෙනා දැවී ගියා. කඩුළු ලබා ගැනීමේදී නුවන් ප්‍රදීප් කඩුළු 4ක් බිඳහෙළනු ලැබීය.

2019 වසරේදී ශ‍්‍රී ලංකාව ලබාගත් පළමු එක්දින ක‍්‍රිකට් ජයග‍්‍රහණය ද මෙයයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු එක්දින ක‍්‍රිකට් තරඟය ද මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here