තියුණු ආයුධ පහරකින් පුද්ගලයකු මරුට

Share

හලාවත දිගන්වැව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දී අද(26) අලුයම මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ දිගන්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.

පවුල් ආරවුලක් මත ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය සඳහන් කළේය.

Read more

Local News