ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ(21) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වෙයි.
බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරයි.
ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(22) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේය.
මේ අතර තැපැල් සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් අද පස්වරු 4.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට ද වාර්තා වෙයි.



