නුවන් කුලසේකර ක්‍රිකට් පිටියට සමුදෙයි

Share

අද(24) සිට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර තීරණය කළ බව පවසයි.

අද පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර මේ බව සඳහන් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ අවසානයත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බවට තමා විසින් ප්‍රකාශ කිරීමට නියමිතව සිටි බව නුවන් කුලසේකර සඳහන් කළේය.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගේ විසින් ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සලකා බලන ලෙස තමා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මඟින් දැනුම් දුන් බව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර මෙහිදී පැවසිය.

මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමේ නිවේදනය අද දින දක්වා ප්‍රමාද වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේක වැඩිදුරටත් පැවසීය.

Read more

Local News