බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනු ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
අද(26) තරඟයට ක්රීඩා කරනු ලබන ශ්රී ලංකා කණ්ඩායම වන්නේ : දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ලහිරු කුමාර, නුවන් ප්රදීප් සහ ලසිත් මාලිංගයි.
එමෙන්ම ලසිත් මාලිංග සිය එක්දින ක්රිකට් දිවියේ ක්රීඩා කරනු ලබන අවසන් තරඟය ද මෙය වෙයි.