දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5924ක් බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ(27) උදෑසන 6.00 සිට අද(28) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව පසුගිය 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5924 කි .
මෙම විශේෂ මෙහෙයුම ලබන මස 5 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.