බොරලැස්ගමුව, පෙරේරා මාවතේදී හෙරොයින් ග්රෑම් 32යි මිලිග්රෑම් 195ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
සැකකරු 31 හැවිරිදි බොරලැස්ගමුව ප්රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අද(31) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.