Home දේශීය පුවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

0
කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ(31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ ඉලවාලි, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වෙරළ තීරයට අසන්නයේ පදුරක් අසල සඟවා තිබූ පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර තිබේ.

එහිදී එම පාර්සල් පරික්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

මෙම කේරළ ගංජා ‍තොගය මුහුදු මඟින් මෙරටට රැ‍ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන අතර, නාවික හමුදා බාරයට ගත් කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඉලවාලි, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්‍වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here