පිළිමතලාවේ සිට ආගරපතන ප්රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසළ තේ ප්රවහනය කරමින් තිබු ලොරි රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දීමට යාමේදී අඩි 75 පමණ ප්රපාතයකට පෙරළී ඇත.
තුවාල ලැබු රිය සහයකයා සහ යතුරුපැදිකරු ලිදුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව ලිදුල පොලිසිය පවසයි.
අද(05) උදැසන 8.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ තලවකැලේ ඩයගම ප්රධාන මාර්ගයේ ලිදුල නාගසේන අග්රකන්ද කැල්ඩොනියා ප්රදේශයේදීය.
ලොරි රථය පෙරළෙන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත.
ලොරි රථය ප්රපාතයට පෙරළී පෞද්ගලික ජල විදුලි බලාගාරයක ආරක්ෂක මුර කුටියක් අසලට වැටී ඇති අතර අනතුරෙන් මුර කුටියටද සුළු අලාභ හානි සිදු වී ඇත.
අනතුරට පත් ලොරි රථයේ කසළ තේ කිලෝ පන්දහසක් පමණ ප්රවාහනය කර ඇති බව වාර්තා වෙයි.