තලවකැලේ සිට ඩයගම දක්වා තිරිඟු පිටි ටොන් 15ක් ප්රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීමෙන් කන්ටෙයිනර් රථයේ රියදුරු ඇතුළු පස්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇත.
අනතුරට පත් පිරිස ලිදුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බැවින් නුවරඑළිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.
අද(05) උදැසන 8.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්රධාන මාර්ගයේ ලිදුල බෙයාර්විල් වත්ත ප්රදේශයේදීය.
අධික වංගු සහ පටු මාර්ගයක් වු තලවකැලේ ඩයගම ප්රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු කන්ටෙයිනර් රථය පාලනය කරගත ගැනීමට නොහැකිව වංගුවක් ගැනීමේදි මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළී ඇත.
කන්ටෙයිනර් රථයේ රියදුරා, රිය සහයකයා, තිරිඟු පිටි අලෙවිකරන එජන්සියේ නිලධාරියෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරට පත් ලොරි රථයේ තිබෙන තිරිඟු පිටි ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර අනතුරෙන් කන්ටෙයිනර් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවට වාර්තා වෙයි.