සංචාරක නවසීලන්ත ක්රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරඟ 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ අවසන් 15 දෙනා ගෙන් යුත් සංචිතය නම් කර තිබේ.
එම සංචිතය සඳහා හිටපු ටෙස්ට් ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල්ව ඇතුළත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අනුව 15 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය වන්නේ,
දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ළහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
අකිල ධනංජය
ලසිත් ඇඹුල්දෙණිය
සුරංග ලක්මාල්
ළහිරු කුමාර
ඕෂධ ප්රනාන්දු
ලක්ෂාන් සඳකැන්
විශ්ව ප්රනාන්දු




