ශී‍්‍ර ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Share

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ සිවුවන දිනය අද (17) යි.

ඊයේ තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 195ක් රැස්කර කළේය.

පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 249 ක් පමණයි.

ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 267 ක් රැස් කළේය.

ඒ අනුව කඩුළු 3 ක් අතැතිව සිටින නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් සිටී.

Read more

Local News