ඇල්ල රොක් රක්ෂිතයේ හටගත් ගින්න හේතුවෙන් , බුරුල්වී ගිය ගල් ඇල්ල – වැල්ලවාය මාර්ගයට පෙරළීමේ අවදානමක් මතුව තිබේ.
බදුල්ල දිස්ත්‍රික්, ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව එම මාර්ගයේ ගමන් කරන, රියැදුරන් අවධානය යොමු කළ යුතු බවයි.
ඇල්ල රොක් ප්‍රදේශයේ බෑවුම් සහිත කොටසක ඊයේ පස්වරුවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාවේ ද සහය ඇතිව කටයුතු කරමින් සිටින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.