දිවි පරදුවට තබා රට ආරක්ෂා කිරීමට කැපවන බව යුද හමුදාපති කියයි

Share

තමාට කුමන චෝදනා එල්ල වුව ද දිවි පරදුවට තබා හෝ රට ආරක්ෂා කිරීමට කැපවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනයි.

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ සෙසු හමුදාවන් හා පොලීසිය සමග එක්ව ඉදිරි කාලය තුළ බුද්ධි අංශ තර කර රටේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන් පියවර ගන්නා බවයි.

අද (25) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැදපුදාගත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

යුදමය වාතාවරණයක් පැවති සමයේදී ද තමාට පැවරුණු වගකීම රට වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකළ බව එහිදි පෙන්වාදුන් ශවේන්ද්‍ර සිල්වා මහතා විවිධ අභියෝග මධ්‍යයේ වුව ද තමා යුද හමුදාපති ධුරයට පත් කිරීමට ගත් තීරණය පිළිබඳ ජනාධිපතිවරයාට තම ස්තූතිය පල කරන බව ද සදහන් කළේය.

Read more

Local News