මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අනතුර හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.
මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ අංක 741 දරන දුම්රිය සහ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ අංක 412 දරන දුම්රිය දෙක මෙලෙස අනතුරට ලක්ව තිබේ.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිව තිබෙන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.