රටේ මහජනතාවට සතුටින් සිටිමට ත්‍රිවිධ හමුදාව කැපවන බව හමුදාපති කියයි

Share

රට තුළ දැනට පවතින සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ශ්‍රි ලංකා යුද හමුදාව කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද(04) පෙරවරුවේ රාගම රණවිරු සෙවණේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

හමුදාපති ධුරයට පත්වූ පසු හමුදාව තුළ තාමගේ දැක්ම ‍මේ වන විට දැනුම් දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුළ දැනට පවතින ආරක්ෂක තත්ත්ව හොඳ බවත් රජය විසින් ගත යුතු සියලුම ක්‍රියාමර්ග ජනාධිපතිවරයගේ මැදිහත්වීමෙන් රජය විසින් ගෙන හමුදාපතිවරයා පැවසීය.

රටේ මහජනතාවට සතුටින් සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය ලබාදීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කැපවී ක්‍රියා කරන බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර යුද්ධයේදි විවිධ ආබාධවලට ලක්වු රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ රාගම රණවිරු සෙවණ වෙත පැමිණියේය.

එහිදි රණවිරුවන් සියලුදෙනා වෙත ත්‍යාග පිරිණැමිමටද යුද හමුදාපතිවරයා කටයුතු කළේය.

Read more

Local News