Home දේශීය පුවත් අග්‍රාමාත්‍ය ලේකම් හෙට ජනපති කොමිසමට

අග්‍රාමාත්‍ය ලේකම් හෙට ජනපති කොමිසමට

0
අග්‍රාමාත්‍ය ලේකම් හෙට ජනපති කොමිසමට

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හෙට (06) පෙනී සිටිමට නියමිතව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා මීට පෙරද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා තිබුණි.

අදාල ගොඩනැඟිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙනයාම සඳහා ලබා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවට කොමිසමට කරුණු අනාවරණව වී ඇත.

ඒ බැවින් අදාල කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු  කොමිසමට ලබා දීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here