එක්සත් ජාතික පක්ෂයෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතා පවසයි.
හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මැතිවරණයට සූදානමින් මේ වන විටත් පසුවන බවයි.
එක්සත් ජාතික පක්ෂය තුළ තවමත් අර්බුදය දැකගත හැකි බව ප්‍රකාශ කළ ඒ මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාගා දමා ඇතමුන් අපේක්ෂකත්වය ලබා ගැනීමට උත්සාහ ගන්නා බවත් ප්‍රකාශ කළේය.