පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයේ පළමුවෙනියා සහ දෙවෙනියා එක්ව වැඩ කිරීම ඉතා වැදගත් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදීය.
පක්ෂයේ නායකයාට ජනාධිපති අපේක්ෂකයාවීට අවස්ථාවක් ඇති බවත් එසේ නොවුණහොත් පමණක් පක්ෂයේ නියෝජ්‍ය නායකයා ඉදිරිපත් විය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව පැවසීය.
“සමහරු කියනවා නම් එකව අයින් කරන්න පුළුවන් කියලා දෙක දාලා. දෙක නැතුව එකට ගමනක් නෑ. එකට ගමනක් නෑ දෙක නැතුව. මම නම් කියන්නේ නෑ. ඒ ප්‍රතිපත්තිය අනුව අපි වැඩ කරොත් අපිට කිසිම ගැටළුවක් වෙන්නේ නෑ “