පළාත් පාලන ආයතන දෙකක පුරප්පාඩුව පැවැති මන්ත්‍රී ධුර දෙකක් සදහා නව මන්ත්‍රීවරුන් පත් කර තිබේ.
දෙහිවල – ගල්කිස්ස සහ පන්විල යන පළාත් පාලන ආයතන සඳහා එම නව මන්ත්‍රීවරු පත් කර ඇත.
ඊට අදාල ගැසට් නිවේදය අදාල පළාත් පාලන ආයතන තේරිම් භාර නිළධාරින්ගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.
දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ එස්.ඩබ්ලිව්.එන් ධනුෂ්ක මන්ත්‍රිවරයා ඉල්ලා අස්විම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ කේ.ප්‍රේමසිරි පත් කර තිබේ.
පන්විල ප්‍රාද්ශිය සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කළ සුප්පයියා උමා සරස්වදී මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවිම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සුසේ විජයමාලා නම් කර ඇත.




