Home දේශීය පුවත් අවුරුදු පහක ශාපය අවසන්වීම ගැන ජනතාව සතුට්න්

අවුරුදු පහක ශාපය අවසන්වීම ගැන ජනතාව සතුට්න්

0
අවුරුදු පහක ශාපය අවසන්වීම ගැන ජනතාව සතුට්න්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිදුකරන මීළඟ සාකච්ඡාවෙන් පසුව සන්ධාන ගතවීම පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මැතිවරණ කොමිසම් සභාව විසින් ජනාධිපතිවරණය සඳහා දින නියම සම්බන්ධයෙන් එම කොමිසමට ස්තූතිය පළ කරන බවයි.

එමෙන්ම සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඉඩ ලබා දෙන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අවුරුදු පහක ශාපය අවසන්වීම ගැන ජනතාව සතුටු වන බවයි.

මැතිවරණ කොමිසම් සභාව මඟින් ඊයේ දිනයේ ජනාධිපතිවරණයට දින නියම කිරිමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ එම පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here