Home දේශීය පුවත් වැස්ස නිසා කොළඹ මාර්ගවල ගමනාගමනයට බාධා

වැස්ස නිසා කොළඹ මාර්ගවල ගමනාගමනයට බාධා

0
වැස්ස නිසා කොළඹ මාර්ගවල ගමනාගමනයට බාධා

පවතින අධික වර්ෂාපත තත්ත්වය සමඟ කොළඹ තදාසාන්න ප්‍රදේශ කිහිපයක මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ.

ඊයේ (23) රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව පොලීසිය සදහන් කළේය.

ඒ අනුව කොටහේන ජේතවන පංසල ඉදිරිපිට ආමර්වීදිය, බාබර් වීදිය ප්‍රදේශය, කොටහේන බ්ලුමැන්ඩල් පාර සෙන් ජේම්ස් වීදිය, කොටුව රෙක්ලමේෂන් පාරජින්තු පිටිය හංදිය සහ කිරුලපන පොලීසිය ඉදිරිපිට මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලීසිය සදහන් පවසයි.

එමෙන්ම හයිලෙවල්පාර, බේස්ලයින් පාර රොබට් ගුණවර්ධන හංදිය සහ දෙමටගොඩ අලි දෙන්නා පන්සල අසල මාර්ග ද වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇති බව පොලීසිය සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here