Home දේශීය පුවත් ඇල්පිටිය තැපැල් ඡන්දය අදයි

ඇල්පිටිය තැපැල් ඡන්දය අදයි

0
ඇල්පිටිය තැපැල් ඡන්දය අදයි

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද(27) මධ්‍යස්ථාන 269කදී සිදු කරයි.

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද අයඳුම්පත් 1192ක් පිළිගෙන ඇති බවයි.

ජාතික මැතිවරණයකදී මෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දින 02ක් හිමි නොවන අතර අද දිනය තුළ කෙසේහෝ ඡන්දය භාවිත කරන ලෙස අයඳුම් කරුවන්ගෙන් ඉල්ලා සිටින බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේය.

එහෙත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අද දිනය තුළ නොහැකි වන පුද්ගලයින්ට ඔක්තෝබර් 04 වනදා දිස්‍ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පමණක් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ සුදානම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here