මෙරට ඇමරිකානු නියෝජ්‍යය තනාධිපති මාටින් ඩි කේලි මහතාසහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී ආරමුගන් තොණ්ඩමන් මහතා අතර විශේෂ සකාච්ඡාවක් පවත්වා ඇත.
ඊයේ (01) පස්වරුවේ නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩංගණ සමාජ ශාලාවේදි මෙම සාකච්ඡාව පැවැත්වු බව අප වාර්තාකරු පවසයි.
රටේ පවතින වත්මන් දේශාපලන තත්ත්වය, ජනාධිපතිවරණය සහ වතුකරයේ ජනතාවට බලපාන ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත් වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍යය අංශය පැවසුවේ.
මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ ආරාධනාවක් අනුව තොණ්ඩමන් මහතා එම සාකච්ඡාවට සහභාගි වී ඇත.
පැයකට ආසන්න කාලයක් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණු බව ලංකාකම්කරු කොන්ග්‍රසයේ මාධ්‍යය අංශය සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ දේශපාලන අංශ නිලධාරි ජොන් එච් බිට්ගෙට් මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සහ ඌව පලාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති එස්.රාජ දොරෙයි මහතා ඇතුළු මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ නිලධාරින් රැසක් සහභාගි විය.



