දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ සහාය සජිත්ට

Share

ජනාධිපතිවරණයේදි දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ සහයෝගය දක්වන ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන් තිරණයක් ගැනිම සඳහා එම සන්ධානයේ විධායක සභාවේ විශේෂ රැස්විමක් ඊයේ (01) පස්වරුවේ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන අමාත්‍යංශ රැස්විම් ශාලාවේදි පැවැත්විය.

එම සන්ධානයේ නායක අමාත්‍යය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.

එම සන්ධානයේ විධායක සභා රැස්විමේදි දමිල ප්‍රගිතශිලි සන්ධානයේ පුර්ණ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා ලබා දිමට එම සන්ධානයේ විධායක සභාව එකමතිකව තිරණය කර තිබේ.

දමිල ප්‍රගිතශිලි සන්ධානයේ විධායක සභා රැස්විමට එම සන්ධානයේ නියෝජ්‍යය නායක අමාත්‍යය පලනි දිගම්බරම් , කදුරට ජනතා පෙරමුණේ නායක රාජ්‍යය අමාත්‍යය  වි.රාධාක්‍රිෂ්ණන් , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  අරවින්ද කුමාර්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සහ එම සන්ධානයේ කමිටු සමාජිකයන් විශාලපිරිසක් සහභාගි විය.

Read more

Local News