වීසා නොමැතිව සිටි විදේශිකයින් 02ක් අල්ලයි

Share

මාදම්පේ පොලිස් වසමේ සුදුවැල්ල ප්‍රදේශයේ දී ආගමන විගමණ නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා මෙරට රැඳී සිටිමින් පෑස්සුම් වැඩපළක රැකියාවක නිරතව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 හා 47 වයස්වල පසුවන්නන්ය.

සැකකරුවන් අද දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News