මම රට තුළ දුප්පත්භාවය තුරන් කරනවා – අනුර

Share

රට තුළ දුප්පත්භාවය තුරන් කිරීමේ පාලනයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම ඊයේ (08) පැවති ජනහමුවක් අමතමින්.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජන රැළි මාලාව ඊයේ ආරම්භ වුණි.

ප්‍රථම ජන රැළිය පැවැත්වුණේ ඔහුගේ උපන්ගම වන අනුරාධපුර තඹුත්තේගම නගරයේදීයි.

එම අවස්ථාවට ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, කලාකරුවන්, දේශපාන පක්ෂ නායකයින් ඇතුළු ජාතික ජන බලවේගයට සහාය දක්වන කණ්ඩායම් රැසක් එක්ව සිටියේය.

Read more

Local News