අද අත්සන් තැබු ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් දෙකම ආරක්ෂා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදු විය.
ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ගිවිසුමට අස්සන් තැබු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ගිවිසුමට අත්සන් තැබීම සිදු කළේය.
එම අවස්ථාවේ අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පොදු ජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා නොමැති නම් පක්ෂ දෙක එක් නොවෙන්න තිබු බවයි.
එසේම පක්ෂ නායකයාගේ “පළමු ආදරය” ඇත්තේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
එසේම අද අත්සන් තැබු ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් දෙකම ආරක්ෂා වන බවත් ඔහු පැවසීය.



