ඇල්පිටියේ ඡන්ද විමසීම අවසන්

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද සවස 4 ට අවසන් විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 07ට ආරම්භ විය

මධ්‍යස්ථාන 47ක පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානවලම සිදුකෙරෙනු ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාල ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරනු ලබන්නේ ඇල්පිටිය ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීයි.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීයා පැවසුවේ ඉතා සාමකාමී මැතිවරණයක් ලෙස ඡන්ද විමසීම සිදුකරුණ බවයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරක්.

ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි.

ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි.

එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරාපත් කරගනු ලබන අතර සමානුපාතික නියෝජනය යටතේ පත්කරගන්නා සභික සංඛ්‍යාව 11ක්.

Read more

Local News