ගෝඨා යළි දිවයිනට

Share

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යලි දිවයිනට පැමිණ ඇත.

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද දින අලුයම ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

ඒ මහතා අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read more

Local News