ගොකරැල්ලේ රිය අනතුරකින් අයෙක් මරුට

Share

ගොකරැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ වැඩපරිපාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ දඹුල්ල කුරුණෑගල මාර්ගයේ අඹන්පොළදී යතුරු පැදියක් හා ජීප් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් බරපතල තුවාල ලැබූ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමේදී මිය ගියේ ය.

මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අකුරැස්ස, මිදෙල්ලකැටිය, මාතර, එගොඩඋයන, කහවත්ත මොරතොට හා තිරන්පනේ ප්‍රදේශයේදී එම අනතුරු සිදුව ඇති බවයි.

Read more

Local News