අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසයි.
මේ වනවිට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 65 කට අධික ය.
ජනාධිපති කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී.හේරත් මහතා සඳහන් කළේ, ඒ අතර කොළඔ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගොනු කළ පැමිණිල්ලක් ද වන බවයි.
මේ අතර අදාළ පැමිණිලි විමර්ශනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීමට කොමිසමේ සාමාජිකයින් අද රැස්වීමට නියමිතයි.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත්කල කොමිසම සමාජිකයින් 5දෙනෙකුගෙන් සමන්විත වේ.
පසුගිය මස 22 වැනිදා මෙම කොමිසම පත් කෙරිණි.



