ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාර්සලයක් ඇති බවට පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා පවසයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වැලකී සිටින ලෙස ද ඒ මහතා දැනුම් දෙයි.
එවැනි සැක කටයුතු තත්ත්වයක් ඇති වුවහොත් 011 4 055 105 යන යුද හමුදා හදිසි ඇමතුම් අංකයට හෝ 0112 42 11 11 යන පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



