බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේ ය.
ඒ, සැකකරුවන් අද ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
එක් අයෙකුට රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කළේ ය.
බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ට කෑම බඳුනක සඟවා ජංගම දුරකතන 2ක් සහ චාජර් 2ක් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 8 වන දා පැවැත්වීමට නියමිත ය.



