Home දේශීය පුවත් ඔබ ඔබලාගේ යුතුකම ඉටු කරන්න – ගෝඨා

ඔබ ඔබලාගේ යුතුකම ඉටු කරන්න – ගෝඨා

0
ඔබ ඔබලාගේ යුතුකම ඉටු කරන්න – ගෝඨා

සුරක්ෂිත හා සංවර්ධිත රටක්, තමන් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ  මහතා  මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අරණායක දික්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සභාගි වු ජන රැළියක් ඊයේ  පස්වරුවේ අරණායක දික්පිටිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කළ හැකි බවත් ඒ ඔස්සේ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කරන බවත් ගෝඨාභය මහතා එහිදී කියා සිටියේය.

මීට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කළා සේම මේ වන විට ඉදිරිපත් කර ඇති සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ද හැකියාව පවතින බව පැවසු ඒ මහතා තමන් කෙරේ ජනාතාවට විශ්වාසය තබන ලෙසත් ප්‍රකාශ කළේය.

“ඔබ ඔබලාගේ යුතුකම ඉටු කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත හා සංවර්ධිත රටක් ඔබට ලබා දෙනවා” යනුවෙන් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here