කලා වැවේ වාන් දොරටු 2 ක් විවෘත කෙරේ

Share

අධික වර්ෂාවත් සමග කලා වැවේ වාන් දොරටු 2 ක් විවෘත කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් තත්පරයට ඝන අඩි 1000 ක් මුදා හැරෙන බවයි.

මේ අතර තද වැසි, තද සුළං හා ප්‍රබල අකුණු පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලට අද දිනයේ මිලිමීටර් 100 -150 ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බවයි.

මීට අමතරව කොළඹ, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

වැසි සමග හට ගන්නා තාවකාලික තද සුළංවලින් ආරක්ෂාවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Read more

Local News