ජනපති ජපානයට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද අලුයම ජපානය බලා පිටත්ව ගියේ ය.

ඒ, ලබන අඟහරුවාදා පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහායි.

ජනාධිපතිවරයා සමග 20 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් , ජපානය බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ කාර්ය භාර කළමනාකරවරයා ප්‍රකාශ කළේ ය.

එංගලන්තයේ චාල්ස් කුමරු, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක්, නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට ඇරයුම් ලැබූවෝ අතරට අයත් වෙති.

නරුහිතෝ අධිරාජ්‍යයා, මසාකෝ අධිරාජිනිය සමඟ සම්ප්‍රදායානුකූලව රජ ඇඳුමින් සැරසී ඉම්පිරියෙල් මාළිඟයේ ප්‍රධාන ශාලාවට පැමිණීමත් සමඟ උත්සවය නිල වශයෙන් ආරම්භ වෙ.

මේ අතර , ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්විණ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදි අදහස් පළ කළේ ය.

Read more

Local News