Home දේශීය පුවත් මම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පුද්ගලයෙක්

මම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පුද්ගලයෙක්

0
මම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පුද්ගලයෙක්

අධික ජීවන වියදම හේතුවෙන් මෙරට පොදු ජනතාව අසහනයට සහ පීඩනයට පත්ව සිටින බවත් තමන් ජනාධිපතිධූරයට පත් වූ පසු සෘජුවම නියෝග ලබාදී පොදු ජනතාවගේ ජිවන වියදම අඩුකර සහන ලබා දීමට ක්‍රියා කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ නුවර දිස්ත්‍රික්කයේ,යටිනුවර , සුනිල් එස්. ක්‍රීඩාංගනයේ පැවැති ජන රැළියට අද ඊයේ (20) දින එක්වෙමිණි.

පොදුජන එක්සත් පෙරමුණේ සාමජිකයින් පිරිසක් සජිත්ප්‍රේමදාස මහතාට සහය දක්වමින් මෙම ජන රැළියට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“අවබෝධයක් නැති සමහර ප්‍රතිවාදී පිරිස් අහනවා කැබිනට් මණ්ඩලයේ් ඉන්න සජිත්ට ඇයි මේවා කරන්න බැරි වුණේ කියලා.

ඇමතිවරයෙක් ලෙස කළ හැක්කේ සීමා සහිත වැඩ කොටසක් පමණයි.

නමුත් ජනාධිපතිධූරයට පැමිණි පසු නියෝග ලබා දීමේ බලය මට ලැබෙනවා.

මම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පුද්ගලයෙක් එක් එක් අයගේ පුහු තර්ක වලට මේ සජිත් ප්‍රේමදාස යටත් වෙන්නේ නැහැ.

පොදු ජනතාවට සහන ලබා දීම සඳහා බදු ප්‍රතිපත්තිය සහමුළින්ම වෙනස් කරනවා.

ආණ්ඩු වෙනස්වන විට ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට පිටරටින් අලුත් වාහන ගෙන්වමින් මහජන මුදල් නාස්ති කිරීමට පුරුදු වී සිටින යුගය නිමා කරනවා.

මම මැතිවරණයට එන්නේ කෝටි ප්‍රකෝටිපතියන් රකින්න වත් ධන බලය, පවුල් බලය ඇති පරපුර ආරක්ෂා කීරීමට වත් නෙවෙයි.

පොදු ජනතාව වෙනුවෙන් ඇප කැප වුණු, පරාර්ථකාමී, ජන සෙත සලසන ඉතිහාසයේ කිසිම දිනයක නොතිබූණු රජයක් සජිත් ප්‍රේමදාස නිර්මාණය කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here