සජිත්ගෙන් තවත් ඡන්ද පොරාෙන්දු

Share

තම මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෙරට තුළ මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීම උදෙසා කැපවී කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ පදනම් ආයතනයේ අද(22) පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, නිදහස් මාධ්‍ය ගැන තමා සතුව ඇත්තේ ඉතාමත් ධනාත්මක ආකල්පයක් බවයි.

තමාගේ දේශපාලන ගමන තුළ තමා ජනමාධ්‍ය සමඟ ඉතා සමීප සබඳතාවයක් පැවති බවත් කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමා කවුරුන් වැනි අයෙක් ද යන්න මාධ්‍යයේ සිටින අය දැන සිටි බවත් කියා සිටියේය.

නිදහස් මාධ්‍ය ගැන තමා තුළ ඇති ධනාත්මක ආකල්පය මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රටේ මාධ්‍ය කේෂත්‍රයේ නිදහස ශක්තිමත් කරන්න කැප වෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

මිත්‍රත්වය, සුහද ශීලිව විවේචන එල්ල වීම ධනාත්මක දෙයක් ලෙස බාර ගෙන උතුම් මාධ්‍ය නිදහස සුරකින බවත් පැවසු ඒ මහතා, නොවැම්බර් 16 වන දිනෙන් පසුව මාධ්‍ය වෙනුවෙන් දැවැන්ත කාර්ය බාරයක් කිරීමට තමාට අවස්ථාව ලැබෙන බවත් කියා සිටියේය.

එහිදී මාධ්‍ය නිදහස තව දුරටත් ශක්තිමත් කටයුතු කරමින් තමා එයට නීතිමය රාමුවක් නිර්මාණය කරමින් මාධ්‍ය නිදහසට ඇඟිලි නොගසන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News