ගෝඨාගේ ඡන්ද කඩන්න උත්සහ ගන්න පිරිසක් ගැන මහින්ද කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකිමේ සංවිධානය නමින් බිහිකරගත් සංවිධානයක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද කැඩිමේ උත්සහයක නිරතවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.

මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය යනුවෙන් සංවිධානයක් බිහි කර ගනිමින් ඒ තුළින් ජනතා ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට නොලැබෙන විදිහේ වැඩ සටහනක් දියත් කර ඇති බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය දි ඇත්තේ පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල් කොඩියක් හෝ දැමීමට ඉදිරිපත් නොවුන කෙනෙක් යැයි පැවසු මන්ත්‍රීවරයා, එය ප්‍රශ්නයක් බවත් පැවසීය.

පසුගිය වසර 4 හමාර තුළ මෙම මතුගම, පාලින්දනුවර, අඟලවත්ත, දොඩංගොඩ හා වලල්ලාවිට යන ප්‍රදේශවල උත්සවයක් පවතින විට හෝ මැයි දින රැළියක් හෝ තිබෙන විට හෝ සංවත්සර උළෙල තියෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින යනුවෙන් සංවිධානයක් ආරම්භ කර ගනිමින් ලොක්කන් වෙන්න යන අයට නිල් කොඩියක් දාන්න උවමනාවක් නොතිබුණ බවත් මහින්ද සමරසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

Read more

Local News