ආසියානු විවාහක රූ රැජින කිරුළත් ලංකාවට

Share

ආසියානු විවාහක රූ රැජින කිරුළත් ශ්‍රි ලංකාවට

 

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහ සමත් විය.

ඒ, රටවල් 21ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් මියන්මාරයේ පැවති 2019 ආසියානු විවාහක රූ රැජින අවසන් තරගයේදීයි.

Mrs. Classic, Mrs. Friendship, Mrs. Charity queen, Mrs. Asia International World place යන අංශ යටතේ මෙහි තරග පැවැත්වුණු අතර Mrs. Asia International World place අංශයේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව නියෝජනය කළ සමන්තිකා කුමාරසිංහ හිමිකර ගැනීම විශේෂත්වයක්.

තරගය අතරතුර “නාරිලතා රූපය” අනුව සැරසී කළ ඉදිරිපත් කිරීම අනුව Best National Costume අංශයේ ජයග්‍රහණය ද හිමිකරගත්තේ සමන්තිකා කුමාරසිංහයි.

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ දිනූ සමන්තිකා කුමාරසිංහ වේයන්ගොඩ පදිංචි 28 හැවිරිදි එක්දරු මවක්.

Read more

Local News