ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) තරඟය නතර කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 64ක් ලබා සිටියේය.
පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී සියලු දෙනාදැවි ලබා ගත්තේ ලකුණු 191ක් පමණයි.
ඒ අනුව මේ වනවිට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 99 ක් ලබා ගෙන තිබේ.