ශ්‍රි ලංකා පළමු ඉනිම 271යි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

 

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 271ක් රැස් කළ අතර පාකිස්තානයට වඩා ලකුණු 80ක් ඉදිරියෙන් සිටී.

තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය කිසිවෙක් නොදැවි ලකුණු 57ක් රැස් කරගෙන සිටියි.

දිනේෂ් චන්දිමාල් සමඟ එක්වු ධනංජය ද සිල්වා 6 වන කඩුල්ලට ලකුණු 67ක සබදතාවක් ගොඩ නැගුවේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ඔහුට හැකිවිය.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු මොහොමඩ් අබ්බාස් කඩුළු 4ක් දවා ගත් අතර ශහීන් අෆ්රිඩි කඩුළු 5ක් දවා ගත්තේය.

Read more

Local News