පාකිස්ථානයට ලකුණු 263ක ජයක්

Share

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 263 කින් ජය ගැනීමට සමත් විය.

 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන දිනය සඳහා පන්දුවට පහරදීම සඳහා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවි රැස්කර ගත්තේ 212ක් පමණි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය සඳහා ඊයේ (22) තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 7ක් දැවි ලකුණු  212ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් පාකිස්තානය ලකුණු 191ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 271ක්.

ඒ අනුව පාකිස්තානය කඩුළු 3ක් දැවි ලකුණු 555ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ඒ අනුව ලකුණු 476 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 212ක් පමණි.

ඕෂද ප්‍රනාන්දු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරමින් 102ක් ලබාගෙන පිටියේ නොදැවී සිටියි.

Read more

Local News