2019 වසර තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන සියළු අංශයේ ක්‍රිකට් තරඟවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පත්ව තිබේ. ඒ මුළු ලකුණු 2455 ක් රැස් කරමින්.
මේ වසර තුළ එක්දින තරඟ 26 කදි ලකුණු 1377 ක්, ටෙස්ට් තරඟ 8 කදී ලකුණු 612 ක් සහ විස්සයි විස්ස තරඟ 10 කදී ලකුණු 466 ක් රැස් කිරීමට කෝලි සමත්ව තිබේ.
මේ වර්ෂයේ සියළු අංශයේ තරඟවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයින් අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා හටයි.